නගරබද සුව පහසු පන්සලක රැඳෙනු වට වඩා වන සෙනසුනක ශාන්ත සැනසුම ට කැමතිවු පුජ්‍ය අම්පිටිය රාහුල හිමියන් මඩිහේ පඤ්ඤාසීහ හිමියන් ගේ අනුශාසකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇතිකළ වන ආරාමයේ සිය ජීවිතය ගෙවීය. විශ්ව විද්‍යාලයේ සිසුවන්ටද භාවනා වට ලැදිව එහි ආ දෙස් විදෙස් යෝගීන්ට ද උන් වහන්සේ ධර්ම ආකාරයක් විය. බෝවල පිහිටි මෙම භාවනා කේන්ද්‍රය දැන් අංග සම්පුර්ණ භාවනා මධ්‍යස්ථානයක් ලෙස දියුණුව පවතී.
නිරන්තරයෙන් දළදා ආශීර්වාද ලබන, මහනුවර නගරාසන්නයේ පිහිටි අම්පිටියේ, ධනවත් කීර්තිමත් පවුලක දෙසැම්බර් 24, 1914 දින, සීමොන් රාජපක්ෂ යුවලට උපන් ධර්මදාස රාජපක්ෂ පාසල් අධ්‍යාපනට ලබා ගන්නට කතෝලික අධ්‍යාපන ආයතනයක්වූ අම්පිටියේ ශාන්ත මරියා විද්‍යාලය (දැන් බෙරවටස් වීද්‍යාලය) ට ඇතුළු කරවන ලදී. ඔහුගේ දෙමාපියන් සැදැහැති බෞද්ධයන්වූ බැවින් බෞද්ධාගම ගැන සිය දරුවාහට ධර්ම අද්යාපනයක් ලබා දෙන්නට දළුක්ගොල්ලේ රජ මහා විහාරයේ දහම් පාසල ට ද එක් කරවන ලදී.
පැවිදි වීමට ඇති උනන්දුව නිසා 1935 දී මාස කිහිපයක්ම දොඩන්දුවේ island hermitage ආරණ්‍යයේ දස සිල් රකිමින් පුහුණුව ලැබීය, 1936 වසරේ මැයි 6 වැනි දා කඹුරුගමුව දේවගිරි විහාරස්තානාධිපති , ශ්‍රී සද්ධර්ම ජෝතිපාල කවිධජ විනයාචාර්ය කඹුරුපිටියේ රේවත ස්වාමින් වහන්සේගේ අධීක්ෂනත්වය යටතේ අම්පිටිය රාහුල නමින් සසුන් ගතවුයේ වයස අවුරුදු 22 දීය.
වජිරාරාමය විහාරස්ථානයේ පූජ්‍ය පැලැනේ ශ්‍රී වජිරඥාන හිමි, පූජ්‍ය තලංගම ඉන්දසාර හිමි සහ පුජ්‍ය අහංගම ශ්‍රී පඥාලෝක හිමිවරුන් ගෙන් උපදෙස් ලබමින් වැඩිදුර ඉගෙනුම ලබන්නට සහ ධර්ම සේවයේ යෙදුන්නට රාහුල හිමියන්ට හැකි විය. 1936 වසර ජුනි 30 වෙනිදා උන්වහන්සේ කැලණියේ උදකුඛේප සීමා මාලකයේදී රාහුල හිමියන් ඉහල උපසම්පදාව ලැබීය.
දැනුම, ප්‍රඥාව, විනය වැනි අත්‍යාවශ්‍ය ගුණයන්ගෙන් පිරි රාහුල හිමියන් අති පුජ්‍ය පැලැනේ වජිරඥාණ හිමියන්ගේ ඇපකරු භික්ෂුව ලෙස තෝරා ගැනීම උන්වහන්සේට ඉමහත් වාසියක් විය. බෞද්ධ ළමයා නමෙන් ධර්ම සඟරාවක් නිකුත් කිරීමටත් ඕල්කට් ලමා නිවාසයේ සතිපතා ධර්ම පන්ති පවත්වීමෙනුත් දරුවන්ගේ ධර්ම ඥානය පුබුදු කරන්නට උන් වහන්සේ සමත් විය.
1958 අප්‍රේල් මස 21 වැනිදා මහරගම ශාසන සේවක සමිතිය ඇතිකිරීමට පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් සමග එක්වූ රාහුල හිමියන් අද මහරගම ශ්‍රී වජිරඥාන වජිරඥාන ධර්මායතනය නමින් පවතින මෙම යෝධ වෘක්ෂයේ මුදුන් මුලක් යයි කීවොත් නිදොස්ය.
සාසනයට අප්‍රමාන සේවයක් සිදුකල , සියළු භික්ෂුනට මහාදර්ශයක් වූ මහා සංඝ පිතෘන්වහන්සේ කලක් ගීලන්ව සිට වසර 106ක් ආයු වළදා 2020 පෙබරවාරි 17දා පෙරවරුවේ අපවත් වුහ.
